Saturday, April 20, 2024
Follow Us
පෙට්‍රල් ගැනත් ලොව පුරා අර්බුදයක් - මිල ගණන් යළි ඉහළ යන ලකුණු

ලොව පුරා පෙට්‍රල් සම්බන්ධයෙන් යළි කතාබහක් මතුව තිබෙනවා. ඒ, ලොවපුරා පෙට්‍රල් මිල ගණන් යළි ඉහළ යනු ඇති බවට වාර්තා පළවීමත් සමඟයි. ලෝකයේ ප්‍රධානතම බොරතෙල් නිෂ්පාදිත රටවල් සිය අපනයන කපාහැරීමට තීරණය කිරීම මෙම තත්ත්වයට හේතුවී තිබෙනවා.

සෞදි අරාබිය සහ රුසියාව ඇතුලු ඔපෙක් සාමාජික රටවල් පවසා ඇත්තේ දිනකට නිෂ්පාදනය කරන බොරතෙල් බැරල් ප්‍රමාණය මිලියන දෙකකින් කප්පාදු කරන බවයි. මෙවැනි කප්පාදු කිරීමක් ලොවපුරා ප්‍රධාන බොරතෙල් නිෂ්පාදිත රටවල් විසින් සිදුකරනු ලබන්නේ 2020 කොරෝනා වසංගත සමයෙන් පසු පළමු වරටයි.

මෙම තීරණය ප්‍රකාශයට පත්වීමත් සමඟ “බ්‍රෙන්ට්” වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල මේ වන විටත් ඉහළ ගොස් තිබෙනවා. අද නිකුත්වූ නවතම වාර්තාවලට අනුව බොරතෙල් බැරලයක මිල ඩොලර් 94 ට ආසන්නවී තිබෙනවා.

එමෙන්ම ලෝකයේ ප්‍රධානපෙළේ බොරතෙල් වෙළඳපොලවල බැරලයක මිලද ඉහළ යමින් ඇති ආකාරය එම වාර්තාවලට අනුව දැකගත හැකියි.

Neth