Monday, March 31, 2025
Follow Us
GREEN CARD සඳහා අයදුම් කිරීම අද සිට විවෘතයි

එක්සත් ජනපදයට යන්න අවස්ථාවක්


2024 සඳහා වන එක්සත් ජනපද විවිධත්ව වීසා වැඩසටහන (GREEN CARD) අද (05) දින සිට අයදුම්පත් සඳහා විවෘත වන බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සාමාන්‍යයෙන් “GREEN CARD” ලෙස හඳුන්වන මේ සඳහා අද රාත්‍රී 09.30 සිට ප්‍රවේශය සඳහා ලබා ගත හැකිය.

විවිධත්ව වීසා වැඩසටහන 2024 සඳහා වන අයදුම්පත් 2022 නොවැම්බර් 08 වන දින රාත්‍රී 10.30 දක්වා භාර ගන්නා බව එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේය.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ https://dvprogram.state.gov වෙබ් අඩවිය හරහා අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

සෑම වසරකම විවිධත්ව වීසා වැඩසටහන මඟින් අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් 50,000කට වැඩි පිරිසකට, එක්සත් ජනපදයට ස්ථිර පදිංචිය ලබා ගැනීමට ඉඩ ලබා දෙයි.

Aruna