Saturday, April 20, 2024
Follow Us
ඉන්දියාවට එරෙහි අවසන් T20 තරගය දකුණු අප්‍රිකාව ජය ගනියි

ඉන්දියාව සමග පැවැත්වෙන තරග තුනකින් සමන්විත පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තුන්වන තරගය ලකුණු 49 කින් ජය ගැනීමට සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 227 ක්. විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ රිලී රොසොව් පන්දු 48කට නොදැවී ලකුණු සියයක් රැස් කළා.

ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් සහ හයේ පහර 8 ක් ඇතුළත්. ක්වියින්ටන් ඩී කොක් ලකුණු 68 යි. දීපක් චහාර් සහ උමේෂ් යාදෙව් එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රාහී ලකුණු 228 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ සියලු දෙනා පන්දුවාර 18 යි පන්දු 3 ක් අවසානයේ දැවී ගියා. ඔවුන්ට රැස් කිරීමට හැකි වුයේ ලකුණු 178 ක් පමණයි.

ඉන්දීය කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ලකුණු 46 ක් රැස් කළ දිනේෂ් කාර්තික්. දීපක් චහාර් ලකුණු 31 යි. නායක රෝහිත් ශර්මා ලකුණු නොලබා දැවී ගියා. පන්දු යැවීමේදී ඩවේන් ප්‍රිටෝරියස් කඩුළු 3 ක් බිද හෙළුවා.

කෙසේවෙතත් සංචාරක දකුණු අප්‍රිකාව සමග පැවැති තරග 03 කින් සමන්විත පන්දුවාර 20 යි 20 ක්‍රිකට් තරගාවලිය 2 ට 1 ක් ලෙස ඉන්දීය කණ්ඩායම ජය ගනු ලැබුවා.

Neth