Tuesday, January 13, 2026
Follow Us
වෛද්‍ය විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය ස්වීඩන් ජාතික විද්‍යාඥයෙකුට

2022 වසරේ, කායික විද්‍යාව හෝ වෛද්‍ය විද්‍යාව සදහා වන නොබෙල් ත්‍යාගය ස්වීඩන් ජාතික විද්‍යාඥයෙකු වන ස්වැන්තේ පාබෝ විසින් හිමිකරගෙන තිබෙනවා. ඒ, මානව පරිණාමය පිළිබද ඔහුගේ සොයා ගැනීම් වෙනුවෙන්.

ස්වීඩනයේ කැරොලින්ස්කා ආයතනයේ නොබෙල් සභාව පිරිනමන මෙම ත්‍යාගය සදහා ලබාදෙන මුදල ස්වීඩන් පවුම් මිලියන 10ක්.

ඔහුගේ නව සොයාගැනීම් තුළින් මානව පරිණාමයේ ඉතිහාසය සහ පෘථිවිය වටා සිදුවූ මානව ව්‍යාප්තිය සම්බන්ධයෙන් ගවේෂණ නව මානයකට යොමු කළ හැකි බව විද්‍යාඥයින් පෙන්වා දෙනවා.

Neth