Friday, October 18, 2024
Follow Us
ඇමෙරිකානු සෙබලුන් 700 ශ්‍රී ලංකාවේ

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු සෙබලුන් හත්සියයකට ආසන්න පිරිසක් මේ වන විට රැඳී සිටින බව අනාවරණයය වී ඇත.

මෙම සෙබළුන්ට තානාපති වරප්‍රසාද හෙවත් මුක්තිය හිමිව තිබෙි.

එම ඇමෙරිකානු සෙබළුන් කිහිප දෙනෙකු කොළඹ සුපිරි හෝටලයකට ගෙන ආ අබිරහස් පෙට්ටි කීපයක් පරීක්ෂාවට ලක් කිරීම සඳහා හෝටලයේ ආරක්ෂක නිලධාරීන් ඉදිරිපත් වූ අවස්ථාවේ ඊට ඉඩදී නැත.

පසුව ඇමරිකානු තානාපති කාර්යාලයේ වාහන කිහිපයක් පැමිණ එම අභිරහස් පෙට්ටි රැගෙන ගොස් ඇත.

ආරංචි මාර්ග දක්වන අන්දමට මෙම අභිරහස් පෙට්ටි සමග සුපිරි හෝටලයට පැමිණ ඇත්තේ ඇමරිකානු මැරයින් යුද උපදේශකයින් දෙදෙනෙකි.

ශ්‍රී ලංකාව තුළ ඇමෙරිකානු භට පිරිසක් සිටින බව ඇමරිකානු තානාපති ඇලෙයිනා ටෙප්ලිට්ස් මහත්මිය ද පිළිගෙන ඇත.

(Lanka Leads)