Thursday, March 28, 2024
Follow Us
UAE වීසා නීති අලුත් වෙයි

අද සිට ක්‍රියාත්මක නව වීසා නීති


එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නව වීසා නීති අද (03) සිට බලාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉකුත් අප්‍රේල් මාසයේ දී එරට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද නව වීසා නීතිවල ප්‍රධාන වෙනස්කම් අතර, සංචාරකයින් සඳහා දීර්ඝ සංචාරක වීසා ලබා දීම, වසර 10 ක දිගුකාලීන පදිංචිය සහ රන් වීසා අපේක්ෂා කරන වෘත්තිකයන් සඳහා ඒ සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි ආකාරයටත්, රටින් පිටත රැඳී සිටින රන් වීසා බලපත්‍රලාභීන්ගේ බලපත්‍ර අවලංගු නොවන ලෙසත් වීසා නීති ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

මේ අතර පදිංචි වීසා අවලංගු කරන පුද්ගලයින්ට රට තුළ රැඳී සිටීමට මාස හයක සහන කාලයක් ලබා දී තිබේ.

නව වීසා බලපත්‍රවලට දැනට දින 30කට වඩා සම්මත දින 60ක ප්‍රවේශ බලපත්‍රයක් සහ අමුත්තන්ට අඛණ්ඩව දින 90ක් දක්වා රට තුළ රැඳී සිටීමට ඉඩ සලසන පස් අවුරුදු බහු-ප්‍රවේශ සංචාරක වීසා ඇතුළත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටයුතු කර තිබේ.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පුහුණු ශ්‍රමිකයන්, නිදහස් සේවකයින් සහ ස්වයං රැකියාලාභීන් ඉලක්ක කරගත් පස් අවුරුදු හරිත වීසා සහ අනුග්‍රාහකයෙකු හෝ සත්කාරකයකු අවශ්‍ය නොවන උපාධිධාරීන් සඳහා රැකියා ගවේෂණ ප්‍රවේශ වීසා බලපත්‍රයක් ද හඳුන්වා දීමට කටයුතු කර තිබේ.

තවද මසකට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඩිරාම් 30,000 ($8,100) හෝ ඊට වැඩි වැටුප් ලබන දක්ෂ වෘත්තිකයන්ට වසර 10ක වීසා බලපත්‍රයක් ලබා ගැනීම පහසු වන ලෙස එරට රන් වීසා වැඩසටහන ද මෙම නව නීති යටතේ පුළුල් කර තිබේ

Aruna