Thursday, April 25, 2024
Follow Us
අමෙරිකාව පරිත්‍යාග කල වෛද්‍ය ආධාර තොගයක් අද දිවයිනට

අමෙරිකාවේ මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන කිහිපයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් ඖෂධ සහ වෛද්‍ය ආධාර තොගයක් අද දිවයිනට ලගා වනවා.

වොෂිංටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මැදිහත්වීමෙන් එලෙස එම ඖෂධ හා වෛද්‍ය ආධාර තොගය නොමිලේ ශ්‍රී ලංකාවට ලැබෙනවා. එම තොගයත් සමග ජූලි මාසයේ සිට මෙරටට ඖෂධ තොග 04 ක් එම මානුෂීය පරිත්‍යාගශීලී සංවිධාන විසින් පරිත්‍යාග කළ බවයි වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පැවසුවේ.

ඒ අනුව මෙම ඖෂධ තොග 04 හි මුළු වටිනාකම රුපියල් බිලියන 4.6 ක් පමණ වන බවයි වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ පැවසුවේ.

ශ්‍රී ලංකාවේ අවධානමට ලක්විය හැකි ජන කොටස් සඳහා ආධාර ලබාගැනීමට මානුෂීය සංවිධාන සහ නියෝජිත ආයතන සමග අඛණ්ඩව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බවයි වොෂිංටනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth