Saturday, May 04, 2024
Follow Us
ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයේ සහය අවශ්‍යයයි - විදේශ ඇමති එක්සත් ජාතීන් හමුවේ කියයි

ශ්‍රී ලංකාව මේ මොහොතේ ජාත්‍යන්තර ප්‍රජාවගේ සහය අපේක්ෂා කරන බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා. ඔහු ඒ බව සඳහන් කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 77 වන සැසිවාරය අමතමින්.

එහිදී අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව මෙන්ම ලෝකයේ ඕනෑම රටකට තනිව ගැටළුවලට මුහුණදීමේ හැකියාවක් නොමැති බවයි. ශ්‍රී ලංකාව අභ්‍යන්තර හා බාහිර වශයෙන් මුහුණදෙන අභියෝග මෙරට දේශපාලන, සමාජ හා ආර්ථික ප්‍රතිසංස්කරණයකට අවස්ථාවක් බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ.

මේ අතර රටේ ජනතාව මුහුණ දෙන සමාජ ආර්ථික දුෂ්කරතා සම්බන්ධයෙන් රජය අතිශයින් සංවේදී බව ද විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය හමුවේ සඳහන් කර තිබෙනවා. එමෙන්ම මේවනවිටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල මට්ටමේ අවබෝධයක් ඇති කර ගෙන තිබෙන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. රට තුළ පවතින තත්ත්වය අනුව සමාජයේ අවදානමට ලක්විය හැකි කොටස් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බව ද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.

එමෙන්ම ඕනෑම පුද්ගලයෙකුට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකමක් ඇති බව රජය කොන්දේසි විරහිතව පිළිගන්නා බව ද අමාත්‍යවරයා සඳහන් කළා. කෙසේ වෙතත්, මෙම නිදහස තිබිය යුත්තේ ව්‍යවස්ථාවට අනුව සහ නීතියේ සීමාවන් තුළ බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth