Sunday, May 05, 2024
Follow Us
ජනපති ජපානයට

ෂින්ෂෝ අබේගේ අවමගුලට රනිල් යයි


තෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (25) රාත්‍රී ජපානය බලා පිටත්ව යාමට නියමිතය.

එහිදී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්ෂෝ අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමටය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු රටවල් 217ක ආරාධිතයින් 700 දෙනෙකු පමණ අවමංගල්‍ය උත්සවයට සහභාගීවන බව වාර්තා වේ.

මේ හේතුවෙන් ජපානයේ ටෝකියේ අගනුවර විශේෂ ආරක්ෂක ක්‍රමවේදයක් යොදවා ඇති බව වාර්තා විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපානය තුළ රැදී සිටින කාලය තුළ ජපානයේ නව අග්‍රාමාත්‍යවරයා සහ ඉහළ පෙළේ නායකයින් රැසක් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

Aruna