Tuesday, January 13, 2026
Follow Us
චීන ඖෂධ තොගය දිවයිනට

චීනය විසින් මෙරටට පරිත්‍යාග කළ රුපියල් මිලියන 650ක් පමණ වටිනා අත්‍යාවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

කටුනායක ගුවන්තොටුපළ නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය චීන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් ඊයේ රාත්‍රී දිවයිනට රැගෙන ආ බවයි.

වර්තමානයේ මෙරට පවතින ඖෂධ සහ වෛද්‍ය උපකරණ අවශ්‍යතාව සදහා යොදා ගැනීමට චීනය විසින් නොමිලේ එම තොගය පරිත්‍යාග කර තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ ගුවන් භාණ්ඩ අංශයේ වෙත ගොඩ බෑ එම ඖෂධ සහ වෛද්‍ය උපකරණ තොගය සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම ගබඩා සංකීර්ණය වෙත අද පෙරවරුවේ රැගෙන යාමට නියමිතයි.

Neth