Tuesday, January 13, 2026
Follow Us
තෙල් මිලේ වාර්තාගත අඩුවීමක්

ඇ. ‌ඩොලර් 8කින් පහළට


ලෝක වෙළෙඳපොලේ බොරතෙල් මිල වාර්තාගත අඩුවීමක් පෙන්නුම් කර තිබේ.

ඊයේ (23) දිනයේ 07% ක ප්‍රමාණයකින් අමෙරිකානු වෙළෙඳපොලේ බොරතෙල් මිල පහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඩොලර් 86ක ප්‍රමාණයක පැවැති බොරතෙල් බැරලයක මිල ඊයේ වන විට ඩොලර් 78ක් දක්වා පහළ ගොස් ඇති බව සඳහන් විය.

පසුගිය දෙසැම්බර් මාසයට පසුව අඩුම බොරතෙල් මිලක් වාර්තා කර ඇත්තේ මෙම දිනයේ බව විදෙස් මාධ්‍ය පවසයි.

අමෙරිකාවේ උද්ධමනය ඉහළයාමත් සමග ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් පොලී අනුපාත ඉහළ නැංවීම හේතුවෙන් බොරතෙල් මිල පහත වැටී ඇති බව සඳහන් වේ.

Aruna