Tuesday, October 03, 2023
Follow Us
සුසිල් ප්‍රේමජයන්ත යුනෙස්කො සමග සාකච්ඡාවක්

ආර්ථීක ගැටලු ගැන අධ්‍යාපන ඇමති ජාත්‍යන්තර සාකච්ඡාවක්


අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ යුනෙස්කෝ සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ඔඩ්රි අසූලේ අතර හමුවක් සිදුව තිබේ.

අධ්‍යාපන පරිවර්තන සමුළුව සඳහා නිව්යෝක් ගොස් සිටින අමාත්‍යවරයා සමග මෙම හමුව සි දුවූ අතර, එහි දී යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට අධ්‍යාපනය සඳහා ලබාදෙන සහයෝගයට අමාත්‍යවරයා සිය ප්‍රණාමය පුදකරනු ලැබීය.

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණදෙන ආර්ථික ගැටලු පිළිබඳවද එහි දී සාකච්ඡා කෙරුණු බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, ඉදිරියටත් යුනෙස්කෝ සංවිධානයේ සහයෝගය ලබාදෙන ලෙසට ද අධ්‍යාපන අමාත්‍යවරයා, ඇයගෙන් ඉල්ලා තිබේ.

Aruna