Saturday, November 08, 2025
Follow Us
ශ්‍රී ලංකා පිල පළමු ස්ථානයට

අත්දැකීම් වැඩි ක්‍රිකට් කණ්ඩායම් 4කට ලකුණු 0යි


ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් ක්‍රීඩකයන් තරග වදින ‘රෝඩ් සේෆ්ටි’ ලෝක කුසලාන ලෙජන්ඩ්ස් ක්‍රිකට් තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ රැදී සිටීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ් කණ්ඩායම සමත්ව තිබේ.

ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම තරග වැදුනු පළමු තරග දෙකම ජය ගැනීමට සමත් විය.

ඒ අනුව ඔවුන්ට හිමිවී ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 4කි.

ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ ඉන්දියාව රැදී සිටින අතර, ඔවුන්ට හිමිව ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 3කි.

ප්‍රසාද ලකුණු 3ක් ලබාගෙන සිටින බටහිර ඉන්දීය කොදෙව්වන් තෙවන ස්ථානයේ රැදී සිටියි.

සිව්වැනි ස්ථානයේ සිටින දකුණූ අප්‍රිකාව ලබාගෙන ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 2කි.

එංගලන්තය, බංග්ලාදේශය, ඔ්ස්ට්‍රේලියාව සහ නවසීලන්තය මෙතෙක් එක් ප්‍රසාද ලකුණක් හෝ රැස්කර ගෙන නොමැත.

Aruna