Tuesday, January 13, 2026
Follow Us
මුස්ලිම් රටවල් සමග ඇති සබඳතාවයට ශ්‍රී ලංකාව පැසසුම් ලබයි

මිනිස් අයිතිවාසිකම් වෙනුවෙන් ජූලි චන්ග් කතා කරයි


ප්‍රජාතන්ත්‍රවාදය,මිනිස් අයිතාවාසිකම්,නීතිය, යහපාලනය සහ විනිවිදභාවය වෙනුවෙන් අමෙරිකාව දිගින් දිගටම හඬ නගන බව ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජූලි චන්ග් පවසයි.

ලංකා තරුණ මුස්ලිම් සංවිධානය හමුවෙමින් ඇය පවසා ඇත්තේ අමෙරිකානු රජය ශ්‍රී ලංකාව අනෙකුත් මුස්ලිම් රටවල් සමග පවත්වන සබඳතාව අගයන බවයි.

නව පරපුරක නායකයින් අනෙක් ප්‍රජාවන්ට ගරු කරමින් සහ ඔවුන්ගේ අවශ්‍යතා හඳුනා ගනිමින් ඔවුන් සමග එක්ව වැඩ කිරීමේ වැදගත්කම ද තානාපතිවරිය මෙහිදී පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති සාලිය පීරිස් ඇතුළු නිතීඥ ප්‍රජාව සත්‍ය ප්‍රකාශ කිරීමටත්,නිතීයේ ආධිපත්‍ය සුරැකීමටත් දරණ වෑයම ද ඇය මෙහිදී පැසසුමට ලක් කළා ය.

Aruna