Tuesday, January 13, 2026
Follow Us
ඇමරිකානු තානාපතිනිය ඩයනා හමුවෙයි

ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනි ජුලී චන්ග් මහත්මිය ඉකුත් සිකුරාදා (09) දින නව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය හමුවී ඇත.

ඈ හමුවී තිබෙන්නේ රාජ්‍ය අමාත්‍යවරිය පදිංචිව සිටින තලවතුගොඩ, අකුරේගොඩ නිවසේ රාත්‍රී භෝජන සංග්‍රහයක් සඳහාය.

මෙම අවස්ථාවට, ඇමරිකානු තානාපති කාර්යාලයේ දෙවන නිලධාරී, අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක, ඩයනා ගමගේ මහත්මියගේ සැමියා වන ආචාර්ය සේනක ද සිල්වා, සහ ඇගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙකු ද සහභාගී වී ඇත.

මෙරට වත්මන් ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙන්ම, ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධන කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ජා කර ඇති අතර, හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ද මීට අදාළව සිය අදහස් සහ යෝජනා ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

LNW