Tuesday, January 13, 2026
Follow Us
කෙනිචි යොකොයාමා හා රනිල් අතර සාකච්ඡාවක්

ආර්ථීක අර්බුධයට ආසියානු සංවර්ධන බැංකුවේ සහය


රටේ ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අද (12) ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්ෂ ජනරාල් කෙනිචි යොකොයාමා අතර පැවැත්වුණි ඒ ජනාධිපති ලේකම් කාර්‍යාලයේදියි.

එහිදී රටේ ආර්ථික අර්බුද විසඳීමට ආසියානු සංවර්ධන බැංකුවට ලබාදිය හැකි සහයෝගය සම්බන්ධයෙන් මූලික වටයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

ආසියානු සංවර්ධන බැංකුව වශයෙන් දිය හැකි උපරිම සහාය පිළිබඳවත්, එය විවිධ ක්ෂේත්‍ර සඳහා ලබාදෙන්නේ කෙසේදැයි යන කාරණය ගැන ද මෙහිදී සාකච්ඡා වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

වත්මන් අර්බුදය ජයගැනීමට දිය හැකි ද්විපාර්ශ්වික ශක්තිය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර, ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් පිරිසක් ද එක්ව සිටියා.

Aruna