තරගයේ වීරයා භානුක – තරගාවලියේ වීරයා වනිදු
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ ලකුණු 23කිනි.
අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල කඩුළු 6ක් දැවී ලකුණු 170ක් රැස්කර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වූ භානුක රාජපක්ෂ ලකුණු 71 ක් රැස්කර ගැනීමට සමත් විය.
පන්දු 45කදි භානුක හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එල්ල කිරීමට සමත් විය.
වනිදු හසරංග ලකුණු 36යි.
ධනංජය සිල්වා ලකුණු 28යි.
චාමික කරුණාරත්න නොදැවී ලකුණු 14යි.
පැතුම් නිශ්ශංක ලකුණු 8යි.
ධනුෂ්ක ගුණතිලක ලකුණු 1යි.
නායක දසුන් ශානක ලකුණු 2යි.
පන්දු යැවීමේදී පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් හරිස් රවුෆ් කඩුළු 3ක් දවාගැනීමට සමත් විය.
නෂීම් ෂා කඩුළු 1යි
ෂාබ්ඩ් කඩුළු 1යි.
ඉෆ්තිකාර් අහමඩ් කඩුළු 1යි.
මෙම තරගය ජය ගැනීම සදහා පාකිසථාන කණ්ඩායම ලකුණු 171ක් රැස්කර ගත යුතුව තිබිණ.
අනතුරුව පිටියට පැමිණි පාකිස්ථාන කණ්ඩායමට පන්දුවාර 20 තුළ සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 147ක් පමණීයි.
පාකිස්ථාන කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු මොහොමඩ් රිස්වාන් පන්දු 49කි ලකුණු 55ක් රැස්කර ග්තතේ දැවැන්ත හයේ පහරක් සහ හතරේ පහර 4ක් සමගිනි.
ඉෆ්තිකාර් ලකුණු 32යි
හාරිස් රවුෆ් ලකුණු 13යි.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා පිල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රමෝද් මධුෂාන් ලියනගමගේ කඩුළු 4ක් දවා ගැනීමට සමත් විය.
වනිදු හසරංග කඩුළු 3යි.
චාමික කරුණාරත්න කඩුළු 2යි.
මහීෂ් තීක්ෂණ කඩුළු 1යි.
මෙම තරගයේ වීරයා සම්මානය භානුක රාජපක්ෂ විසින් හිමිකර ගත් අතර, තරගාවලියේ වීරයා සම්මානය වනිදු හසරංගට හිමිවිය.
ශ්‍රී ලංකාව අද මෙලෙස ආසියානු කුසලානය ජය ගනු ලැබුවේ 6වන වරටයි.
Aruna