Saturday, November 08, 2025
Follow Us
ආසියානු කුසලානය වෙනුවෙන් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අද තරඟ බිමට

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ පකිස්තාන කණ්ඩායම අතරයි. ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී පැවත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 07 යි 30 ට ආරම්භ වනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ආසියානු කුසලාන තරගාවලියේ ශූරතාව 05 වරක් ජයග්‍රහණය කර තිබෙනවා. පකිස්තානය ආසියානු කුසලාන දිනා ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. වැඩිම අවස්ථා ගණනකදී ආසියානු කුසලානය දිනා ඇති කණ්ඩායම වන්නේ ඉන්දියාවයි. ඔවුන් අවස්ථා 07 කදී ආසියානු කුසලානයේ ශූරතාව දිනාගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර මේ දක්වා පවත්වා ඇති පන්දුවාර 20 තරග සංඛ්‍යාව 22 ක්. ඉන් තරග 09 ක් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කර ඇති අතර පකිස්තානය තරග 13 ක් ජය ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැති අවසන් පන්දුවාර 20 යි 20 තරග 04 ජයග්‍රහණය කර ඇත්තේ ශ්‍රී ලංකාවයි. එම තරග 04 සඳහාම දසුන් ශානක නායකත්වය ලබා දීම විශේෂත්වයක්.

Aruna