Tuesday, April 07, 2026
Follow Us
බ්‍රිතාන්‍ය මහ රැජිණ අභාවප්‍රාප්ත වෙයි

එළිසබෙත් රැජිණගේ දේහය අද ලන්ඩනයට


බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ සිය දිවි ගමනට සමුදුන් බව බකිංහැම් මාලිගාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.

96 හැවිරිදි වියේ පසුවූ බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබෙත් රැජිණ ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගයේදී අභාවප්‍රාප්ත වූ බව එම නිවේදනයේ දැක්වේ.

වයස අවුරුදු 26 දී එක්සත් රාජධානියේ කිරුළ හිස දරාගත් දෙවන එළිසබෙත් මහ රැජින බ්‍රිතාන්‍ය කිරුළ හොබවන ලද කාලය වසර 70 කි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ ඔහුගේ ආර්යාව වන කැමිලා පාකර් ඇතුළු රාජකීය පවුලේ සමිපතයින් 08 දහවල් බ්‍රිතාන්‍යයේ සිට ස්කොට්ලන්තයේ පිහිටි බැල්මෝරාල් මාලිගය වෙත ගුවන් මගින් පැමිණි බවයි.

මේ අතර දෙවන එලිසබෙත් රැජිණගේ අභාවයෙන් පසුව බ්‍රිතාන්‍යයේ රජු ලෙස චාල්ස් කුමරු පත් කෙරුණු ඇත.

අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනගේ දේහය අද ලන්ඩනයට රැගෙන එන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Aruna