Tuesday, January 13, 2026
Follow Us
ඉන්ස්ටර්ග්‍රැම් එකට යූරෝ මිලියන 405ක දඩයක්

මෙටා සමාගම ඉන්ස්ටර්ග්‍රැම් නිසා දඩ කයි


ඉන්ස්ටර්ග්‍රැම් වෙත යූරෝ මිලියන 405ක (€ 405m) දඩයක් අයර්ලන්තය විසින් පනවා තිබේ.

ළමුන්ගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙලෙස දඩයක් පනවා ඇති බව බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විශේෂයෙන්ම ඔවුන්ගේ දුරකථන අංක සහ ඊමේල් ලිපින ප්‍රසිද්ධ කිරීම සම්බන්ධව ඉන්ස්ටර්ග්‍රැම් වෙත චෝදනා එල්ල වී තිබේ.

මෙය අයර්ලන්ත ජනරජයේ යුරෝපීය මූලස්ථානය විසින් මෙටා සමාගමට ලබා දුන් තුන්වන දඩයයි.

කෙසේවෙතත් මෙම තීරණයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති බව මෙටා සමාගමට පවසන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

Aruna