Saturday, November 08, 2025
Follow Us
ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා - ඉන්දියා තීරණාත්මක තරගය අද රාත්‍රියේ

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ තීරණාත්මක තරඟයක් අද පැවැත්වෙනවා. ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතරයි.

ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මෙම තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබවුහොත් ආසියානු කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබනවා. ඉන්දිය කන්ඩායම මෙම තරඟය පරාජයට පත්වුවහොත් ඔවුන්ට ආසියානු කුසලාන ක්‍රිකට් තරඟාවලියෙන් ඉවත්වීමට සිදුවනවා.

මේ අතර ඩුබායිහිදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දසුන් ශානක පැවසුවේ අද තරඟය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බවයි.

අද තරගය සදහා චරිත් අසලංක වෙනුවට ධනංජය ද සිල්වා ශ්‍රී ලංකා කණ්ඩායමට කැදවීමට අවධානය යොමුව තිබෙනවා. කෙසේවෙතත් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක එම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් සදහන් කළේ.

Neth