Tuesday, January 13, 2026
Follow Us
බ්‍රිතාන්‍යයේ නව අගමැතිවරයා තෝරා පත් කර ගනියි

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ලීස් ට්‍රස් තෝරා පත් කර ගනු ලැබ තිබෙනවා. ඒ ඇය කන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුවයි.

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව එරටට නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ගැනීමේ වගකීම පාලක කන්සර්වේටිව් පක්ෂය වෙත පැවරීමෙන් අනතුරුවයි.

ඒ අනුව කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබලයින් දෙදෙනෙකු වන ලීස් ට්‍රස් සහ රිෂී සන්ක් ඉදිරිපත්වුවා.

එහිදී රිෂී සන්ක් අභිබවා යමින් ලීස් ට්‍රස් බ්‍රිතාන්‍යයේ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට සුදුසු බව වැඩි ජන්දයෙන් තෝරා පත් කර ගනු ලැබ තිබෙනවා.

මේ අනුව ඇය හෙට දිනයේදී නව අගමැතිවරිය ලෙස දිවුරුම් දීමට නියමිත අතර බ්‍රිතාන්‍යය මහ රැජිණ හමුවීමට ද නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

Neth