Saturday, November 08, 2025
Follow Us
විස්තීරණ ණය පහසුකමකට එකගවීම ගැන සතුටුවන බව IMF ප්‍රධානියා කියයි

අමෙරිකානු ඩොලර් බිලියන 2 යි දශම 9 ක විස්තීරණ ණය පහසුකමක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකාව අතර කාර්යය මණ්ඩල එකගතාවකට එළඹීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව එම අරමුදලේ කළමනාකාර අධ්‍යක්‍ෂ ක්‍රිස්ටලීනා ජෝර්ජිවා පවසනවා.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය සඳහන් කර ඇත්තේ මෙය ශ්‍රී ලංකාවට ඉදිරියට ගමන් කිරීම සඳහා ඉතා වැදගත් පියවරක් බවයි.

ශ්‍රී ලංකාවට පැමිණි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් සහ මෙරට බලධාරීන් අතර පැවැති සාකච්ඡාවලින් පසු කාර්යය මණ්ඩල මට්ටමේ එකගතාවලට පසුගියදා එළඹුණා.

Neth