Tuesday, January 13, 2026
Follow Us
IMF වැඩපිළිවෙලට අඛණ්ඩව සහය දෙන බව චීනය කියයි

චීනය, සැමවිටම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සහ අනෙකුත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දිරිමත් කර ඇති බව මෙරට චීන තානාපති කාර්යාලය පවසනවා.

එම තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ ශ්‍රී ලංකාවේ සමීප මිත්‍රයෙකු, අසල්වැසියෙකු සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රධාන කොටස් හිමියෙකු ලෙස චීනය එලෙස කටයුතු කර ඇති බවයි. ශ්‍රී ලංකාව මේවනවිට මුහුණ දී ඇති ආර්ථික අර්බුදයෙන් මිදීමට ගන්නා උත්සහයට ජාත්‍යන්තර අරමුදලේ සහ අනෙකුත් ජාත්‍යන්තර ආයතනවල සහය අත්‍යාවශ්‍ය බවයි චීන තානාපති කාර්යාලය පවසන්නේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවට සහය දැක්වීම සඳහා ජාත්‍යන්තර අරමුදල සහ අනෙකුත් මුල්‍ය ආයතන තවදුරටත් ධෛර්යමත් කරන බවද චීන තානාපති කාර්යාලය වැඩිදුරටත් සදහන් කළා.

Neth