Tuesday, January 13, 2026
Follow Us
චීන පොහොරයි, මුදලුයි නැතිවීමට එරෙහිව ශ්‍රී ලංකාව නීති උපදෙස් ගනී

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරය සමඟ පැවැත්වෙන සාකච්ඡා සාර්ථක ප්‍රතිපළ අත්කර දෙමින් ඇතැයි අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා. ඒ, පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ අදහස් දක්වමින්.

මේ අතර වාචික ප්‍රශ්ණවලට පිළිතුරු ලබාදෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ චීන පොහොර නැවට ගෙවූ ඩොලර් මිලියන 6.9 ක මුදල හෝ ඒ වෙනුවෙන් රසායනික පොහොර ලබා ගැනීමට කළ සියලු උත්සහයන් අසාර්ථකවී ඇති බවයි. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යොමුකළ ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදෙමින්.

අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර පිළිබඳ නීති උපදෙස් ලබාගෙන ඇති බවයි.

Neth