Saturday, November 08, 2025
Follow Us
ලංකාවට ගොඩ එන්න විශාල සහයක්

IMF එකෙන් නිල නිවේදනයක්


ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවකට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට සුළු වේලාවකට පෙර නිල වශයෙන් නිවේදනය කළේය.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් එම අරමුදල සඳහන් කළේ, ඒ අනුව ශ්‍රී ලංකාවට මාස 48ක වැඩපිළිවෙළක් යටතේ අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ අරමුදල් පහසුකම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඉදිරියේදී ලබා දීමට නියමිත බවය.

ශතක හතකට වැඩි කාලයක් තුළ මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය සමග පොරබදමින් සිටින ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අමෙරිකානු ඩොලර් බිලියන 3ක මූල්‍යධාරයක් බලාපොරොත්තුවෙන් සිටියේය.

Aruna