Tuesday, January 13, 2026
Follow Us
ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක හදිසි ණයක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 200 ක ණය ආධාරයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී තිබෙනවා. හදිසි ආධාරයක් ලෙසයි මෙම ණය මුදල අනුමත වී තිබෙන්නේ.

ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට තුළ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සඳහා වෙන්කර තිබූ මුදල්වලින් කොටසක් මෙම ආධාරය සඳහා වෙන්කර ඇති බවයි වාාර්තා වන්නේ.

ආහාර සුරක්ෂිතතාවය දියුණු කිරීම හා දරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ට හා ළමුන්ට පහසුකම් සැළසීම සඳහා මෙම මුදල් යෙදවීමට නියමිතය.

LNW