Thursday, September 18, 2025
Follow Us
පකිස්තානයට ඩොලර් බිලියන 1.1 ක IMF ණයක්

පකිස්තාන ණය වැඩසටහන යටතේ එරටට අමෙරිකානු ඩොලර් බිලියන 1.1 ක මුදලක් නිදහස් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකග වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා.

පකිස්තානයට මෙලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය හිමිවන්නේ එරට වැසියන් දරුණු ගංවතුර තත්ත්වයකින් පීඩා විඳිමින් සිටින පසුබිමක් තුළයි.

පකිස්තානයට එම ණය මුදල හිමිවන්නේ 2019 වසර් සිට ක්‍රියාත්මක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය වැඩසටහනේ කොටසක් ලෙසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉල්ලීම් ඉටු නොකිරීම හේතුවෙන් හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පාලනය යටතේ එම ගෙවීම් අත්හිටුවා තිබුණු බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

Neth