Thursday, September 18, 2025
Follow Us
ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනකට

ළමා මන්දපෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 06 වන ස්ථානයෙහි පසුවන බව යුනිසෙෆ් ආයතනය පවසයි.

එසේම මන්දපෝෂණයට මුහුණ පා සිටින දකුණු ආසියානු රටවල් අතර දෙවැනි ස්ථානයට ශ්‍රී ලංකාව පත්ව ඇති බවයි එම ආයතනය පවසන්නේ.

මෙරට සංචාරයක නිරත වී සිටින යුනිසෙෆ් ආතනයේ දකුණු ආසියානු කලාපයේ අධ්‍යක්ෂ ජෝර්ජ් ලැරී මහතා මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ජනතාවගේ ආහාර වේලට දැඩි බලපෑම් එල්ල වී ඇති බව පැවසූ ඒ මහතා දිනෙන් දින ආහාර මිල ගණන් ඉහළ යාම නිසා මෙරට පවුල් රැසක් දෛනික ආහාර වේල් මඟහරිමින් සිටින බවත් පෙන්වා දුන්නේය.

LNW