Tuesday, January 13, 2026
Follow Us
දරුවන්ට පෝෂණීය ආහාර වේලක් දෙන්න අමෙරිකාවෙන් අත

දරුවන් වෙනුවෙන් අමෙරිකාවෙන් ප්‍රදානයක්


අමෙරිකානු රජය විසින් වියළි ආහාර තොගයක් මෙරටට ප්‍රදානය කර තිබේ.

ඒ, මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාර වේලේ පෝෂණීය මට්ටම ඉහළ නැංවීමේ අරමුණිනි.

මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් මහත්මිය විසින් වත්තල මුතුරාජවෙල පිහිටි ‘ස්පෙක්ට්‍රා’ ගබඩා සංකීර්ණයේ දී නිල වශයෙන් වියළි ආහාර තොගය අධ්‍යාපන අමාත්‍ය, ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත අද (26) භාරදුනි.

පෝෂණ ගුණයෙන් ඉහළ රෝස සැමන් මෙට්‍රික් ටොන් 890ක් සහ පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් මෙම ප්‍රදානය යටතේ මෙරටට ලැබී ඇත.

සිසුන්ගේ පාසල් පැමිණීම දිරි ගැන්වීම, ඉගෙනුම් අවධානය වැඩි කිරීම, ආහාරයේ සමබල පෝෂණීය මට්ටම රඳවා ගැනීම මෙම දිවා ආහාර වැඩසටහනේ මුඛ්‍ය අරමුණ වෙයි.

Aruna