Tuesday, January 13, 2026
Follow Us
රුසියානු හමුදාවට අලුතින් සෙබළු ලක්ෂයක් බඳවා ගැනේ

සිය හමුදා සාමාජිකයින් සංඛ්‍යාව සියයට 10 කින් වැඩි කිරීමට රුසියානු ජනාධිපති වැලැද්මීර් පුටින් තීරණය කර තිබෙනවා. ඒ අනුව රුසියානු හමුදාවට අලුතින් එක්වීමට නියමිත සාමාජිකයින් සංඛ්‍යාව එක් ලක්ෂ 37,000 ක්.

මේ වන විට රුසියාව සතුව හමුදා සාමාජිකයින් මිලියනයකට වඩා වැඩි සංඛ්‍යාවක් සිටින අතර සිවිල් කාර්්‍යමණ්ඩලය ලක්ෂ 09 කට ආසන්නයි. මෙම හමුදා සාමාජිකයින් වැඩි කිරීම ලබන ජනවාරි පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමටයි නියමිතව ඇත්තේ.

කෙසේවෙතත් බටහිර විචාරකයින් පවසන්නේ මාස 06 කට ආසන්න කාලයක් පවතින රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් රුසියානු සෙබළු 80,000 ක් පමණ මිය යන්නට හෝ තුවාල ලබන්නට ඇති බවටයි. මේ හේතුවෙන් රුසියාව හමුදා සාමාජිකයින් වැඩිකරන බව ඔවුන්ගේ අදහසයි.

Neth