Tuesday, January 13, 2026
Follow Us
ඇමෙරිකානු තානාපතිනිය බඩු මුට්ටු අස්කරගෙන යයි

ජුලි චන්ග් ගෙන් අපූරු ට්විටර් පණිවිඩයක්


මෙරට ඇමෙරිකානු තානාපතිවරිය වන ජුලි චන්ග් විසින් සිය ට්විටර් ගිණුමේ අපූරු පණිවිඩයක් සටහන් කළේය.

ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටි පැරණි ගොඩනැගිල්ලෙන්, නව කාර්යාලය ගොඩනැගිල්ලට හුවමාරු වීමේ දී එහි වූ බඩු මුට්ටු නව ගොඩනැගිල්ල කරා ගෙන යන රූපරාමු දෙකක් තම ට්විටර් ගිණුමට එකතු ඇත.

එහි දී ඇය කියා සිටියේ, “දශක ගණනාවක් පැරණි අපගේ කාර්යාලවලින්, දශක ගණනාවක් පැරණි අමෙරිකානු ශ්‍රී ලංකා ඉතිහාසය ඇසුරුම් කර අපගේ නව තානාපති කාර්යාල ගොඩනැගිල්ලට යාමට පටන් ගන්නවා. එය “සියල්ල අත්වැල් බැඳගන්නා” නව අත්දැකීමක් වේවි. ඉක්මනින් අපගේ නව අවකාශයට ඔබව පිළිගැනීමට සතුටින් බලා සිටිනවා.” යනුවෙන්ය.

Aruna