Tuesday, January 13, 2026
Follow Us
බාලිකා පාසල්වලට කනගාටුදායක තත්ත්වයක්

ගැහැණු ළමුන්ගේ තත්ත්වය ගැන දැඩි අවධානයක්


කාන්තා පාසල් විවෘත කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඇෆ්ගනිස්තානයේ තලෙබාන් සංවිධානයට පවසා තිබේ.

ඇෆ්ගනිස්තානයේ කාන්තාවන්ගේ හා ගැහැණු ළමුන්ගේ තත්ත්වය ගැන දැඩි අවධානයෙන් පසුවන බව එහි මානුෂිය සබඳතා සහ හදිසි ආධාර පිළිබඳ සම්බන්ධීකරන නිලධාරියා පෙන්වා දී ඇත.

ඇෆ්ගනිස්තානයේ බාලිකා පාසල් වසරකට ආසන්න කාලයක සිට වසාදමා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කෙසේවෙතත් තලෙබාන් සංවිධානය පෙන්වා දී ඇත්තේ සිය රටවැසියන් සම්බන්ධයෙන් තීරණ ගන්නේ සිය නායකයා බවත් එය අවසන් තීරණය වන බවය.

Aruna