Tuesday, January 13, 2026
Follow Us
IMF නියෝජිතයින් සමග අද සිට යළි සාකච්ඡා

පළමුවැනි සාකච්ඡාව මහ බැංකු පරිශ්‍රයේ ඇරඹෙයි


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිසක් සහ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ අතර සාකච්ඡා වටයක් අද (24) ආරම්භ වී තිබේ.

එම සාකච්ඡාව ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ පැවැත්වෙන බවට තොරතුරු වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහනට අදාළව ආර්ථික, මූල්‍ය ප්‍රතිසංස්කරණ හා ප්‍රතිපත්ති පිළිබඳ සාකච්ඡා සඳහා අද දිවයිනට පැමිණි එම අරමුදලේ නියෝජිතයින් පිරිස ලබන 31 වන දින දක්වා මෙරට රැඳී සිටීමට නියමිතය.

මීට පෙර ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්විය.

එහෙත් ශ්‍රී ලංකාවට ණය ලබාදීම පිළිබඳව මෙතෙක් එකඟතාවකට පැමිණීමට හැකිවී නැත

Aruna