Thursday, September 18, 2025
Follow Us
ඉහළ පෙළේ හෝටලයකට ප්‍රහාරයක්

තුවාලකරුවන් 09 දෙනෙකු රෝහලට


ඉස්ලාම් සටන්කාමී සංවිධානයක් විසින් සෝමාලියාවේ මොගඩිෂු නුවර පිහිටි ඉහළ පෙළේ හෝටලයක් තුළට ප්‍රහාරයක් එල්ලකර තිබේ.

එම හෝටලය තම පාලනයට ගෙන ඇති බවට සඳහන් කරමින් අල් ශබාම් නමැති එම සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සටන්කාමින් එම හෝටලයට ඇතුළුවී වෙඩිතබා ඇති අතර ඊට පෙර එහි පිපිරිම් දෙකක්ද සිදුකර ඇති බවත් ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයින් 09 දෙනෙකු රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

එම හෝටලය රාජ්‍ය නිලධාරින් මුණගැසෙන ජනප්‍රිය ස්ථානයක් බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

Aruna