Monday, January 12, 2026
Follow Us
තවත් පොහොර තොගයක් ඉන්දියාවෙන්

ලබන සතියේ බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරයි


ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 21,000ක තොගයක් මෙරටට ලැබී ඇති බව කොළඹ කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන සඳහන් කළේය.

ඒ අනුව ඉන්දීය ණය සහනාධාර යටතේ මෙරටට හිමිවූ යූරියා පොහොර තොගයේ දෙවන කොටස ගොඩබෑම ආරම්භ වී තිබේ.

එම පොහොර තොගය ලබන සතියේ බෙදාහැරිමේ කටයුතු සිදුකරන බව සඳහන් වේ.

ඉන්දීය ණය සහනාධාර යටතේ යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000ක් මෙරටට හිමිවන අතර ඉන් පළමු තොගය ලෙස මෙට්‍රික්
ටොන් 44,000ක් සහිත නෞකාවක් පසුගියදා මෙරටට පැමිණියේය.

Aruna