Thursday, September 18, 2025
Follow Us
දුර පැනීමෙන් සාරංගි අසල්වැසියාට ඉදිරියෙන්

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ තෝරා ගැනීමේ තරගවලදී මීටර් 6.42 ක දුරක් පැන්න සාරංගි ද සිල්වා එහි අවසාන තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තාය.

තරගාවලියට පෙර මෙම ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් තූර්කියේ සිය විදෙස් පුහුණුකරු යටතේ විශේෂ පුහුණුවක් ලබා පැමිණි සාරංගි ශ්‍රී ලංකාවේ ක්‍රීඩාවේ සම්ප්‍රදායික ප්‍රතිවාදියා වන ඉන්දියාව නියෝජනය කළ ඇන්ජි සොවාන් අභිබවා ගියාය.ඇන්ජි මීටර් 6.25 ක දක්ෂතාවයක් දැක් වූ අතර ඇය අවසාන තරගයට සුදුසුකම් නොලැබුවාය.

එපමණක් නොව සමස්ත ආසියාවේම පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් හී නියෝජනයක් ලෙස කාන්තා දුර පැනීමේ අවසාන තරගයේ සිටින්නේ සාරංගි පමණි.

LNW