Sunday, June 02, 2024
Follow Us
ජපානය සහ තායිවානය අසලටම චීනයෙන් මිසයිල ප්‍රහාර

තායිවානයට තර්ජනයක් එල්ල කරමින් චීනය ආරම්භ කළ යුධ අභ්‍යාසය මේ වන විට උණුසුම් මුහුණුවරක් ගෙන තිබෙනවා. ඒ, චීනය විසින් මෙම යුධ අභ්‍යාසයට බැලැස්ටික් මිසයිල යොදා ගැනීම හේතුවෙන්.

තායිවානය පවසන්නේ චීනය විසින් සිය රටට ආසන්න ඊසානදිග සහ නිරිතදිග මුහුදු තීරයට බැලැස්ටික් මිසයිල ප්‍රහාර 11 ක් එල්ල කළ බවයි. සිය මුහුදු ප්‍රදේශයට චීන මිසයිල 05 ක් පතිත වූ බව පවසන ජපානය, වහාම මෙම යුධ අභ්‍යාසය නතර කළ යුතු බවටයි අවධාරණය කර ඇත්තේ. මෙම යුධ අභ්‍යාසය මුහුද පමණක් නොව ගොඩබිම සහ ගුවන් කලාපය ද ආවරණය වන පරිදි සිදුකරන බවයි චීන හමුදාව පවසා ඇත්තේ.

තායිවානය ස්ථාන 06 කින් වට කරමින් චීනය ඊයේ මෙම දැවැන්ත යුධ අභ්‍යාසය ආරම්භ කළා. ඒ, චීනයේ දැඩි විරෝධය නොතකා අමෙරිකානු කතා නායිකා නැන්සි පෙලොසි තායිවානයට පැමිණීමට විරෝධය පළ කරමින්. තායිවානය තම රටට අයත් භූමියක් ලෙස සලකන චීනය පවසන්නේ මෙම සිද්ධිය හේතුවෙන් තායිවානයේ ස්වෛරීත්වය අභියෝගයට ලක්වන බවයි. 1950 සිට අමෙරිකාව විසින් තායිවානය ස්වාධීන රාජ්‍යයක් ලෙස පිළිගත්තද චීනය ඊට දක්වන්නේ දැඩි විරෝධයක්.

ලෝක දේශපාලනයම උණුසුම් කළ අමෙරිකානු කතානායකවරියගේ ආසියානු සංචාරය අවසන් අදියරට පැමිණ තිබෙනවා. ඇය දැන් සිටින්නේ ජපානයේයි.

Neth