Monday, January 12, 2026
Follow Us
බංග්ලාදේශයට IMF අත දුන්නොත් ශ්‍රී ලංකාව තවත් අර්බුදයක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම බංග්ලාදේශයට හිමිවන්නේ නම් ඊට පෙර බංග්ලාදේශයෙන් ලබාගත් ණය මුදලක් පියවීමට ශ්‍රී ලංකාවට සිදුවනු ඇතැයි ආර්ථික විශේෂඥයින් පවසනවා.

ඒ අනුව ශ්‍රී ලංකාව විසින් බංග්ලාදේශයෙන් ලබාගත් අමෙරිකානු ඩොලර් මිලියන 150 ක මුදල යළි ගෙවීමට සිදුවන බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පෙන්වා දුන්නේ.

මේවනවිට ඉන්දියාව ද විදේශ විනිමය අර්බුදයකට මුහුණ පාමින් සිටිනවා. එබැවින් ශ්‍රී ලංකාව ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්දියාවෙන් ලබාගත් ණය කඩිනමින් පියවීමට අවශ්‍යදැයි නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. ඊට පිළිතුරු ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ආචාර්ය ඩබ්ලිව් ඒ විජේවර්ධන පැවසුවේ එම ණය කඩිනමින් ආපසු කැඳවීමේ අවදානමක් මෙතෙක් නොමැති බවයි.

Neth