Thursday, September 18, 2025
Follow Us
අමෙරිකානු තානාපතිය හා ජනපති අතර හමුවක්

මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද හමුවුණා. ඒ, ජනාධිපති කාර්යාලයේදීයි. එහිදී ජනාධිපතිවරයා වෙත ඇය සිය සුබ පැතුම් පිරිනැමූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

දෙරට අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබද මෙහිදී සාකච්ඡා කර තිබෙනවා.

නව රජයේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සහාය ලබාදෙන බවට ද අමෙරිකානු තානාපතිනිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ සහතික වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සදහන් කළේ.

Neth