Monday, January 12, 2026
Follow Us
චීන සහල් තොගයක් මෙරටට

පාසල් සිසුන්ගේ දිවා ආහාරයට චීනෙන් සහල්


යුවාන් මිලියන 500ක මානුෂීය ආධාර යටතේ චීනය ලබාදෙන 5 වන සහල් තොගය මෙරටට රැගෙනවිත් තිබේ.

මෙම සහල් තොගය මෙට්‍රික් ටොන් 1000කින් යුක්ත වන අතර ඒවා පාසල් සිසුන්ගේ දිවා ආහාර අවශ්‍යතාවය සඳහා යොදා ගැනීමට නියමිතයි.

ඒ අනුව මේ දක්වා චීනය ලබා දී ඇති මුළු සහල් ප්‍රමාණය මෙට්‍රික් ටොන් 4000ක්.

තවත් මෙට්‍රික් ටොන් 6000ක් පමණ චීනය මෙරටට ලබාදීමට නියමිතයි.

එම සහල් තොග මෙරට පාසල් 7900ක සිටින මිලියන 11ක සිසුන් සඳහා අවම වශයෙන් මාස 6ක කාලයක් සඳහා ප්‍රමාණවත් වේ.

Aruna