Thursday, September 18, 2025
Follow Us
ඉන්දීය අගමැතිගෙන් ජනපති රනිල්ට ලිපියක්

නව ජනාධිපතිවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතාට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සුබ පැතුම් පල කර තිබෙනවා. කොළඹ පිහිටි ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ලිපියක් යොමු කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සුබ පැතුම් පල කර ඇති බවයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින මිත්‍රශීලී සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා සමීපව කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ඉන්දීය අග්‍රාමාත්‍යවරයා යොමු කළ ලිපියේ සදහන් කර තිබෙනවා.

ආර්ථිකය යථාතත්වයට පත්කිරීමට සහ ශ්‍රී ලාංකික ජනතාවගේ ජන ජීවිතය ස්ථාවරත්වයට පත්කිරීමට අඛණ්ඩව සහය ලබා දෙන බවයි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත යොමු කල ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

Neth