Wednesday, May 08, 2024
Follow Us
අවුරුදු 8ට අඩු දරුවන්ට වඳුරු උණ වැළඳීමේ වැඩි අවදානමක්

වඳුරු උණ ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයත් අවධානයෙන්

වඳුරු උණ හෙවත් මන්කිපොෆ් (Monkeypox) රෝගය වයස අවුරුදු 8ට අඩු දරුවන්ට වැළඳීමේ වැඩි අවදානමක් ඇති බව අමෙරිකානු රෝග වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ අලුත උපන් බිලිඳෙකු ද ඇතුළු දරුවන් දෙදෙනෙකුට වඳුරු උණ ආසාදනය වී ඇති බවයි.

වඳුරු උණ රෝගය නිසා මේ දක්වා අප්‍රිකානු කලාපයෙන් මරණ 05ක් වාර්තා වී ඇති අතර වෙනත් රටවලින් මරණ වාර්තා වී නොමැත.

මෙම රෝගයේ මරණ සිදුවීමේ සම්භාවිතාව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගණනය කිරීම්වලට අනුව සියයට 3ත් 6ත් අතර අගයක් ගන්නා බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

මෙවැනි පසුබිමක වෛරසය ලොව පුරා අඛණ්ඩව ව්‍යාප්ත වීමේ අවදානම සලකා මන්කිපොක්ස් හෙවත් වඳුරු උණ වෛරස රෝගය පැතිරීම ලොවපුරා හදිසි සෞඛ්‍ය තත්ත්වයක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත්කර තිබේ.

මේ අතර මෙම රෝගය පිළිබඳව අවධානයෙන් පසුවන බව මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

වඳුරු උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ, මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පැහැදිලි කිරීමක් සිදුකරමින් මෙලෙස පැවසීය.

“මේක ප්‍රධාන ලෙස පැතිරෙන්නේ අපේ ස්වසන මාර්ගය හරහා.. නැත්නම් හම මතින්. මේක හැදෙන්න පුළුවන් සත්තුන්ගෙන්. ඒ වගේම මිනිස්සුන්ගෙන්. ඒ වගේම එ්වා ගෑවුණු ඇඳ ඇතිරිලිවලින්, කෑම, කෝප්ප, පිගන්වලින්.”
“මේ රෝග විනිශ්චය කරන්න පුළුවන් PCR පරීක්ෂණයක් මගින්. රෝගය පිළිබඳව පර්යේෂණය කිරීමට අවශ්‍ය සියලුම පර්යේෂණ කට්ටල මේ වනවිට අප විද්‍යාගාර සතුව තියෙනවා. ඒකට අවශ්‍ය බෙහෙත් වර්ගත් නිෂ්පාදනය වෙලා තියෙනවා.”

Aruna