Sunday, May 19, 2024
Follow Us
ලංකාවේ මාධ්‍ය වාර්තා පරිකල්පිත බව ඉන්දියාව කියයි

ජනාධිපතිවරණය පිළිබඳ ඉන්දියාවෙන් නිවේදනයක්


ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී අද(20) පැවැති ජනාධිපතිවරණයේදී දේශපාලන නායකයන්ට බලපෑම් කිරීමට ඉන්දියාව කිසිසේත්ම කටයුතු කර නැතැයි කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කරයි.

එසේම වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට ඉන්දියාව කටයුතු නොකරන බවත් එලෙස ජනාධිපතිවරණයට ඉන්දීය මැදිහත්වීමක් සිදුවූ බවට පලව ඇති ඇතැම් ජනමාධ්‍ය වාර්තා ප්‍රතික්ෂේප කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

“ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජනාධිපතිධූරය සඳහා මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන නායකයින්ට බලපෑම් කිරීමට ඉන්දියාවෙන් දේශපාලන මට්ටමින් දරන උත්සාහයන් පිළිබඳ පදනම් විරහිත සහ තනිකරම අනුමාන මාධ්‍ය වාර්තා අපි දැක ඇත්තෙමු. එම මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍යවේ. ඒවා පැහැදිලිවම යමෙකුගේ පරිකල්පනයක් පමණකි.” යැයි මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

Aruna