Monday, January 12, 2026
Follow Us
ගෝඨාභයට සිංගප්පූරුවෙන් යන්න කියයි

සිංගප්පූරු බළධාරීන්ගෙන් ගෝඨාභයට දැනුම් දීමක්


හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර දී ඇත්තේ දින 15 කට පමණක් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇතිවිය හැකි බැවින් ගෝඨාභය රාජපක්ෂට දින 15 ට වඩා සිංගප්පූරුවේ රැඳී සිටීමට අවසර ලබා දිය නොහැකි බව සිංගප්පූරු බලධාරීන් දැනුම් දී ඇතැයි ඉන්දියා ටුඩේ පුවත් සේවය වාර්තා කර ඇත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ එළඹෙන 29 වැනිදා සිංගප්පූරුවෙන් පිටව යාමට සිදුව තිබේ.

පසුගිය 09 වැනිදා පැවති අරගලයේ තීරණාත්මක සිදුවීම්වලින් පසු මාලදිවයින වෙත ගිය හිටපු ජනාධිපතිවරයා ඉන්පසු සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.

ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට පැමිණි වහාම එරට බළධාරීන් ජාත්‍යන්තර මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, පෞද්ගලික සංචාරයක් සඳහා රාජපක්ෂ මහතා සිය රට වෙත පැමිණ ඇති බවයි.

Aruna