Monday, January 12, 2026
Follow Us
ශ්‍රී ලංකාවේ තත්වය ගැන IMF ස්ථාවරය කියයි

ශ්‍රී ලංකාවේ තත්වය පිළිබඳ සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි ප්‍රකාශක ගෙරී රයිස් මහතා සඳහන් කළේ ශ්‍රී ලංකා රජයේ තාක්ෂණික මට්ටමේ නිලධාරීන් සමග තම ආයතනය සම්බන්ධ වී සිටින බවත් ඉහළ මට්ටමේ නිලධාරීන් සමග සාකච්ඡා නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් ය.

එමෙන්ම සාකච්ඡා යළි ඇරඹීම සඳහා ශ්‍රී ලංකාවේ වත්මන් තත්වයේ සමනය වීමක් බලාපොරොත්තුවෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබේ.

ඒ මහතා මේ බව පැවසුවේ පෙරේදා (14) පැවති මාධ්‍ය හමුවකදී ය.

LNW