Thursday, November 06, 2025
Follow Us
අත්තිකාරම් දෙනතුරු තවදුරටත් ඉන්දියාවෙන් තෙල් නෑ !

ණය පහසුකම් යටතේ තවදුරටත් ඉන්ධන ලබාදීම ඉන්දියාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වේ. ජාත්‍යන්තර බ්ලූම්බර්ග් වෙබ් අඩවිය වාර්තා කරන්නේ මින් පසු ඉන්දියාව මෙරටට ඉන්ධන ලබාදෙනු ඇත්තේ මුදල ගෙවීම මත පමණක් බවයි.

ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබෙන ඉන්ධන නෞකා හතරද අත්තිකාරම් මුදල් ගෙවන තෙක් ඉන්දියානු වරාය තුළ රඳවා ගනු ඇති බවයි බ්ලූම්බර්ග් වැඩිදුරටත් වාර්තා වන්නේ.

මෙම මාසය තුළ ඉන්ධන නෞකා කිහිපයක් ලැබීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශ කළ අතර කෙසේ නමුත් ඉන්දියාවේ නව තීරණය මත එම නෞකා පැමිණීමද දින කිහිපයකින් හෝ ප්‍රමාද වනු ඇත.

LNW