Monday, January 12, 2026
Follow Us
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම ලංකාවට

මෙරට තරග සංචාරයකට එක්වීමට පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණ තිබේ.

මෙම සංචාරයේදී ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිතව ඇත.

තරග සංචාරය ආරම්භ වන්නේ තෙදින පෙරහුරු තරගයකින් පසුව ජූලි 16-20 සහ ජූලි 24-28 දක්වා ටෙස්ට් තරග දෙකකිනි.

පළමු තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර දෙවැනි ටෙස්ට් තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

Aruna