Monday, January 12, 2026
Follow Us
ජනපති ගෝඨාභය රුසියානු ජනපති සමග දුරකථන සංවාදයක

උග්‍ර ඉන්ධන ගැටළුව විසඳෙන ලකුණු


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සමඟ දුරකථන සංවාදයක යෙදී තිබේ.

එහිදී ඉන්ධන ආනයනය කිරීමට ණය ආධාරයක් ලබාදෙන ලෙස ජනාධිපතවරයා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අතීත අභියෝග ජයගැනීම සඳහා රුසියාව ලබාදුන් සියලු සහයෝගයට ස්තූති කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කර ඇත.

තවද මෙම සාකච්ඡාවේදී එරෝෆ්ලොට් ගුවන් මෙහෙයුම් නැවත ආරම්භ කරන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා රුසියානු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.


Aruna