Wednesday, September 17, 2025
Follow Us
අධි උද්ධමනය හමුවේ සිම්බාබ්වේ නිල මුදල් ඒකකය අත්හරී

සිම්බාබ්වේ රාජ්‍යය නිල මුදල් ඒකකය අත්හැරීමට තීරණය කර තිබෙනවා. ඒ, රට මුහුණ පා ඇති අධි උද්ධමනය හමුවේයි. ඒ අනුව සිම්බාබ්වේ රාජ්‍යය සිය නිල මුදල් ඒකකය වන සිම්බාබ්වේ ඩොලරය වෙනුවට රන් කාසිය භාවිත කිරීමට සූදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එහි පළමු පියවර ලෙස සිම්බාබ්වේ මහ බැංකුව මේවනවිට රන් කාසිය අලෙවි කිරීමේ මූලික පියවර ආරම්භ කර ඇතැයි ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. සිම්බාබ්වේ මහ බැංකුව එලෙස රන් කාසිය අලෙවි කිරීමට තීරණය කර ඇත්තේ ලබන 25 වනදා සිටයි.

දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටින සිම්බාබ්වේ රාජ්‍යය මේවනවිට පසුවන්නේ අධි උද්ධමන තත්ත්වයකයි. මේවනවිට එරට උද්ධමන අගය සියයට 191 ක්. පවතින අධි උද්ධමනකාරී තත්ත්වයත් සමග එරට මුදල් ඒකකයේ වටිනාකම ඉතා අවම අගයකට වැටී ඇති බව ද විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

Neth